එජාපයෙන් රහස් සාකච්ඡාවක්

0
326

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහභාගි වී සිටි බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

මතභේදයට ලක්ව තිබෙන වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැලසුම් සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here