10 වෙනිදා සිට පාසල් සාමාන්‍යකරණය වෙයි.

0
349

ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සියලු සිසුන්ට පාසල් වෙත පැමිණීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ සියලුම සිසුන් එකවර පාසල් වෙත පැමිණීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බවයි.

මේ අතර වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් එන්නත්කරණය එළැඹෙන සිකුරාදා එනම් 07 වැනිදා ආරම්භ කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණයේදී එක් එන්නතක් පමණක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here