එදත් ඇහුවා මහරජාණෝ එක්ක දිනන්න පුළුවන් ද කියලා ;2015 ජනවාරි 8 මම දිනුවේ ඇල්වතුරවත් බෙදන්නේ නැතුව – මෛත්‍රී

0
318

රටේ ජනතාව මේ වන විට විඳින පීඩාවල හැටියට ඊළඟ අවස්ථාවේත් ඡන්දය ලබාදෙයි යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකදීය.

එහිදී අදහස් දැක්වූ සිරිසේන මහතා,

“ මම මාතලේ කළ කතාවෙන් පස්සේ ඒ ගැන මගේ හිතවත් ගොඩක් අය කතා කරලා මට කිව්වා ටොපේ ටොප් කතාව කියලා. ඒ අතර කිහිප දෙනෙක් කිව්වා කතාව ටිකක් සැර වැඩියි නේද කියලා.
මං කතාව සැරට කරලා පෙන්නුවේ අපිටත් සැරට කතා කරන්න පුළුවන් කියලා පෙන්වන්නයි. මොකද සමහර අය හිතාගෙන ඉන්නවා බෑ කියලා. සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි.

සමහර අය ලොකුවට බලය තියෙනවා කියලා ටිකක් උඩින් යන ගතියක් ඇවිල්ලා. හැටේ මැතිණියගේ තනි ආණ්ඩුවත් 64 වෙනකොට කඩාගෙන වැටුණා. මම හිතන්නේ නෑ මේ රටේ ජනතාව මේ කාලයේ විඳින දුකේ හැටියට දේශපාලකයින්ට රැවටිලා ඊළඟ අවස්ථාවෙත් ඡන්දෙ දෙයිද කියලා. මට එහෙම විශ්වාසයක් නෑ.

හුඟක් වෙලාවට ඡන්දෙ කාලෙට ආයේ කන්න දීලා, සල්ලි දීලා, බඩු බෙදලා, බෙදන්න තියෙන ඔක්කෝම බෙදලා. හැබැයි 2015 ජනවාරි 8 මම දිනුවේ ඇල්වතුරවත් බෙදන්නේ නැතුව. ජනතාව එහෙම තීන්දු ගන්න වෙලාවල් තියෙනවා.

එදා මමත් මගේ පවුලේ අයත් ඡන්දෙ ඉල්ලන්න එළියට ආවේ ජීවිත අවදානමෙන්. සමහරු ඔළුවේ අතගහගෙන ඇහුවා කළුගලේ ඔළුව ගහගන්න ද යන්නේ කියලා. මහරජාණෝ එක්ක දිනන්න මේ පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේනට පුළුවන් ද කියලා ඇහුවා.

කුමක් සඳහා ද අපි මේ සූදානම් වෙන්නේ. අද රට මුහුණ දී තිබෙන තත්ත්වයත්. මෙතනින් රට බේරාගන්නා තත්ත්වයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි සාකච්ඡා කරලා සකස්කර ගත යුතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් අරගෙන තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද කියන අභියෝගය අපිට තියෙනවා. මෙතෙක් පැවැති ආණ්ඩුවලට වඩා වෙනස් ආණ්ඩුවක් අපි සැදිය යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here