ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා භයානක නව කොවිඩ් ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතුවීම ගැන WHO අනතුරු අඟවයි

0
309

අතිභයානක නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඇතිවීමේ අවදානමක් මතුවෙමින් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසංගතය ආරම්භයේ සිට යුරෝපයෙන් කොවිඩ් ආසාදිතයින් මිලියන 100 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ බව ය.

ගෙවුණු වසරේ අවසාන සතිය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් මිලියන 5කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙයි.

ඔමික්‍රෝන් වෛරසය, ලැව් ගින්නක් මෙන් යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ද, ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එමෙන්ම, මේ වන විට ලොව පුරා වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 29 ඉක්මවයි.

ලොව පුරා වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වනුයේ 54 ලක්ෂ 72,623 ක් ලෙසිනි.

පසුගිය සතිය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද එම සංවිධානය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here