රවීගෙන් මහින්දට අභියෝගයක්..

0
325

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමග විවාදයකට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

රටේ ආර්ථිකය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

තොටළඟ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාව මත පැවරී ඇති බදු බර රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් ඇතුළත ඉවත් කිරීමට හැකිවනු ඇති බවයි.

ඒ සඳහා රජය නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ද රවී කරුණානායක අමාත්‍යවරයා  කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here