Thursday, November 28, 2024

උසස් පෙළ ප්‍රවේශපත්‍ර තැපැල් කෙරේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයඳුම්කරුවන් සඳහා ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපෑලට යොමුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත්,පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් යොමුකර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාසල් වෙත ලැබෙන ප්‍රවේශ පත්‍ර කිසිඳු හේතුවක් මත විදුහල්පතිවරුන් සතුව තබා නොගත යුතු අතර කඩිනමින් ඒවා අයඳුම්කරුවන් වෙත ලබාදිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාගය සඳහා නියමිත දිනට ඉල්ලුම් කර ප්‍රවේශ පත්‍ර නොලැබුණු පෞද්ගලික අයඳුම්කරුවන් වෙතොත් 0112 78 42 08 යන දුරකථන අංකයෙන් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව  අමතා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

එමෙන්ම ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය අයදුම්කරුවන් මේ මස  15 වැනිදාට පෙර එම සංශෝධන සිදුකර ගත යුතු බව සඳහන්ය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 02 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 40,991 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 74,614 දෙනෙකු මෙවර අයදුම්කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles