ඔමික්‍රෝන් පැතිර යාමට සෞඛ්‍ය අංශවලට සහාය නොදුන්නොත් ඉදිරියේදී භයානක තත්ත්වයක්

0
299

ඔමික්‍රොන් ප‍්‍රභේදය රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මෙම තත්ත්වය දිගටම පැවතියහොත් අවසානයේ දී රට නැවතත් වසා දැමීමට සිදුවනු ඇතැයිද කී ඔහු එහිදී ඇතිවන ආර්ථික පරිහානිය නිසා රට ගොඩ ගන්න බැරි තරමට නරක අතට යා හැකි බව ද පැවසීය.

එනිසා ජනතාව වගකීම් සහිතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව පැවසූ ඔහු වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට තුළ නරක තත්ත්වය තව තවත් ඉහළ යනු ඇති බවද කියා සිටියේය.

ජනතාව තුන්වෙනි කොරෝනා එන්නත් මාත්‍රාව ලබා ගැනීමට මැළිකමක් දක්වන බවද පැවසූ ඔහු හැකි ඉක්මනින් එය ලබාගැනීම මෙම වෛරසයෙන් බේරීමට මේ මොහොතේ සුදුසුම ක්‍රමය යයිද සදහන් කලේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here