වෙළඳපොල තුළ පවතින ආනයනික කිරිපිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.
කිරිපිටි රැගත් නෞකාවක් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත්තේ මේ මස අවසානයේදි හෝ ලබන මස මුලදී බවයි ඔවුන් පවසන්නේ.
කිරිපිටි සමාගම් මේ වන විටත් ආනයනික කිරිපිටි මිල ඉහළ දමා තිබෙනවා.
කෙසේ වෙතත් මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගෙන තිබේ.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ඉහළ දැමීමට පියවර ගනු ලැබීය.
මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345 කට අලෙවි වන අතර කිරිපිටි ග්‍රෑම් 400 ක පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 540 කටයි.