බඩ ඉරිගු ආනයනයට ඩොලර් හිඟ නිසා පශු සමිපත් ක්ෂේත්‍රය අවදානමක

0
319

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම අවශ්‍ය ඩොලර් හිඟතාවය හේතුවෙන් ගවයන්ට ප්‍රමාණවත් ආහාර ලබාදීම ගැටළුකාරී වී තිබේ.

මේ තත්ත්වය මත ගවයන්ට බඩඉරිගු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

පොහොර හිගය නිසා බොහෝ ප්‍රදේශවල බඩ ඉරිගු වගා විනාශ වී ගොස් ඇති අතර ඒවායේ විනාශ වූ ගස් මිලට ගෙන ගවයන්ට ලබාදෙමින් සිටින බව මණ්ඩලය කියා සිටී.

සත්ව ආහාර සඳහා බඩ ඉරිගු මිලට ගැනීමට රජය අවසර දුන්නද ඒවා මිලට ගැනීමට මෙතෙක් ඩොලර් ලබා දී නැති නිසා මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුවෙන් ගවයින්ගේ කිරි නිෂ්පාදනය සියයට 20ක් පමණ ප්‍රමාණවලින් පහත වැටී ඇතැයිද මණ්ඩලය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here