තවත් ගෑස් නැවි දෙකක් කොළඹ වරායට

0
490

ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3700 කින් යුත් තවත් ගෑස් නෞකාවක් කොළඹ වරායට පෙරේදා (4) ළගාවූ බවත් ලාෆ් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3200 කින් යුත් ගෑස් නෞකාවක් හම්බන්තොට වරායට ඊයේ රාත්‍රීයේ ළගා වූ බවත් එම සමාගම් දෙකේ උසස් නිලධාරියෙක් පැවසූහ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙක් පැවසුවේ ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස්වල සංයුතිය ප්‍රමිතියට අනුකූල ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා නෞකාවට ගොස් සාම්පල ලබාගත් බවත් අද (6) පෙරවරුවේ එම වාර්තා ලැබෙනු ඇති බවත්ය.

ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකම පවසන්නේ උපරිම ධාරිතාවයෙන් ගෑස් වෙළෙඳපොළට සැපයීමට මේ දක්වා නොහැකි වී ඇති බවත් සාමාන්‍ය සැපයුමෙන් අඩකටත් අඩු ප්‍රමාණයක් මේ දිනවල සපයන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here