Saturday, November 16, 2024

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මම දන්නෙ නෑ .සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි – විමල්

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන තමන් කිසිවක් නොදන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (06) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්වය මත ජාතික සම්මුතියෙන් කටයුතු කළ යුතු මොහොතක් බවත් විපක්ෂයේ උදවිය පවා හැකියාවක් ඇත්නම් එක්කර ගෙන පළල් එකමුතුවක් නිර්මාණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මාධ්‍යවේදියා – “ආණ්ඩුව විවේචනය කරන අයව ක්ෂණිකව ඉවත් කරනවා නේද? සමහරු චෝදනා කරනවා ඒත් ඔබතුමා ඉන්නවා කියලා.”

විමල් වීරවංශ – “ඒකට ඉතින් මම කොහොමද උත්තර දෙන්නේ. මාත් මේ කල්පනා කරන්නේ ඒ ගැන. “

මාධ්‍යවේදියා – “ඒ කියන්නේ ඔබතුමාත් ඉන්නේ ඇයි කියලා ද?”

විමල් වීරවංශ – “ඔයා අහපු ප්‍රශ්නය ගැන මං කිව්වේ (සිනාසෙමින්)”

“අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන මං කිසිදෙයක් දන්නේ නෑ. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. ඇති නේ. අපි තේ එකක් බීලා එන්නම්.”

එහිදී මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු

මාධ්‍යවේදියා – රටේ ප්‍රභල ඇමතිවරුන් දැන් ආණ්ඩුව විවේචනය කළයි කියලා එළියට දානවා. මේ මොනවගේ තත්වයකට යන්නේ? 

අමාත්‍යවරයා – මේ වෙලාවේ අපි විරුුුු පක්ෂේ ඉන්න උදවිය පවා පුළුවන්නම් ඒකතු කරගෙන අපි මුහුණ දීලා ඉන්න අර්බුදකාරී තත්වයෙන් ගොඩඒ්ම සඳහා පළල් ඒකමුතුවක් ඇතිකරගත යුතු වෙලාවක්. ඒහෙම වෙලාවක මම හිතනවා අපි ඉන්න අයව ඉවතට දැමීම නොවෙයි කළ වන්නේ ඒළියේ ඉන්න අයවත් ඒකතුකරගෙන හැකිතාක් ඒකගතාවයෙන් මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒ්ම සඳහා රටට අපගේ මැදිහත්වීම කරන එක

මාධ්‍යවේදියා – සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කියන පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් ද? 

අමාත්‍යවරයා – මේ තත්වය ඇමතිවරයෙක්ගේ දෙන්නෙක්ගේ පෞද්ගලික අසමත් කමක් හැටියට දකින එක මම හිතන්නේ නෑ නිවැරදියි කියලා ඊට වඩා පුළුල් චිත්‍රය අපි දකින්න ඕන. එහෙම දැක්කොත් විතරයි විවේචන කරන අයට උනත් නිවැරදි වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles