Friday, November 15, 2024

ඇමති මාරුව 10 වැනිදා! මහින්දානන්දගේ ඇමති පට්ටමත් ගැලවෙයි

කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යධූරයද එසේ වෙනස් කෙරෙන අමාත්‍යධුර අතර වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය ධූරයට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.එම් චන්ද්‍රසේන මහතා පත් කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ හරිත වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී සිදු වූ  අකාර්යක්ෂමතා කිහිපයක් මුල් කොට ගොවීන්ට සහ මහජනතාවට මුහුණ පෑමට සිදු වූ දුෂ්කරතා පිළිබඳව පාර්ශව කිහිපයක් විසින් මේ වන විට ද ජනාධිපති වරයා වෙත කරුණු ඉදිරිපත් කොට ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මෙම හරිත වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්ම අමාත්‍ය වරයා විද්‍යාත්මක තීන්දු තීරණ කිහිපයක් නොතකා හැර දැඩි ප්‍රතිපත්තියක පසුවීම අමාත්‍යංශය තුළ ද දැඩි කතා බහට ලක් ව තිබේ.

ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර ව්‍යාපෘති කිහිපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙකි. ඔහුගේ එම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.

නව වසරේ නව ගමනක් යෑමට රජය තීරණය කර ඇති අතර මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට මන්ත්‍රීවරයකු පත්කිරීමද මෙදින සිදු කෙරෙනු ඇත.

පසුගියදා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරිමෙන් පුරප්පාඩු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට එස්බී දිසානායක මන්ත්‍රීවරයා පත්කිරීම ද මෙදින සිදු කෙරෙනු ඇත. 
මීට අමතරව විමල් ගම්මංපිල හා වාසුදේව යන අයගේ ඇමති විෂය පථයන් වෙනස්වනු ඇති බවට දේශපාලන ආරංචි වාර්තා කර ඇති නමුත් තවම ඒවා මොනවාදැයි ස්ථිරව හඳුනාගෙන නැත.

මේ අතර වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles