ජීවත්ව සිටියදී හොඳක් ඇසූ කිසිවෙකුත් මෙරට නොමැති බවත්, හොඳක් ඇසීමට නම් මියයන්නටම අවශ්‍ය බවත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරමින් වළව් පැලැන්තියට පමණක් නොව දුප්පත් ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදුන් සිරිමාවෝ මැතිණියට එවකට ඉඩම් හොරා යන නම්බු නාමය ලබාදුන් බවයි උත්සව අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ.
එමෙන්ම මෙරටට විශාල සේවාවක් කළ බොහෝ දෙනෙකුට ජනතාව ඔවුන් ජීවත්ව සිටින විට මෙවැනි ආකාරයේ නම්බු නාම ලබාදුන් බව පැවසූ තෙන්නකෝන් මහතා කියා සිටියේ යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් නම්බු නාමය “මහින්ද හොරා” බවයි