Friday, January 3, 2025

පැය 24 පුරා ක්‍රියාත්මක වන කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් විවරණ කෙරේ

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින ස්ථාපිත කළා.

මෙම මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, එම ස්ථානය හරහා විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන් හට එන්නත ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.

එහිදී එන්නත්කරණය නොලැබූවන්ට පළමු මාත්‍රාවත්, පළමු මාත්‍රාව ලැබූ අයට දෙවන මාත්‍රාවත් ලබාදීමට නියමිතයි.

එමෙන්ම මාත්‍රා දෙකම ලබාගත් අය සඳහා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාවද එහිදී ලබාදීමට නියමිතයි.

එහිදී ලබා දෙනු ලබන්නේ ෆයිසර් එන්නතයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles