මේ වසරේ සිට විශ්ව විද්‍යාලයට ඇතුළුවන සෑම සිසුවකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදැරීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.විශ්ව විද්‍යාලයේදී තොරතුරු තාක්ෂණය විෂයක් ලෙස තෝරා නොගත්තද සෑම සිසුවකුටම අතිරේකව එම විෂය හැදෑරීමේ පහසුකම් සලසන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.
කාර්මික විප්ලවයෙන් පසුව තාක්ෂණ විප්ලවයක් ඇති වී තිබෙන හෙයින් අද තොරතුරු තාක්ෂණ විෂය ඉතා වැදගත් බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.
ජාතික පාසල් 1000 ක් ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේදී අද පැවැති අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.