අත්‍යවශ්‍ය ඖෂධ අසූවකට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සදහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටළුවකට රජය මුහුණ දී සිටින බව වාර්තා වේ.
මේ මස 18 වන දා වන විට ගෙවිය යුතුව තිබෙන ඩොලර් මිලියන 500 ක ණය වාරිකය ගෙවා අවසන් කරන තුරු මහ බැංකුව ඖෂධ ආනයනය සදහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම ඊට හේතුව බව පැවසේ.
මේ තත්ත්වය මත අත්‍යවශ්‍ය ඖෂධ ණයට හෝ ලබා ගැනීම සදහා ඉන්දියාව සහ චීනය සමග සාකා කරමින් සිටින බවද වාර්තා වේ.