හොංකොං වලින් රටවල් 08කට ගුවන් තහනමක්

0
304

චීනය මගින් පාලනය වන හොංකොං රාජ්‍යය ‘ඔමික්‍රෝන්’ කොරෝනා වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරෙන රටවල් 8 ක සිට සිය රටට ගුවන් යානා පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.මේ අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, එංගලන්තය හා එක්සත් ජනපදය යන රටවල සිට හොංකොං රාජ්‍යය වෙත ගුවන් යානා පැමිණීම (05) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරුණා.ඉහත රටවල සිට හොංකොං රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් යානාවලට අමතරව එම රටවල නැවතී සිටින කිසිවකුට නැවත දැනුම් තුරු වෙනත් රටක් හරහා හෝ සිය රට පැමිණීම තහනම් කර ඇති බව හොංකොං රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here