මං ගැන විශ්වාසය තියන්න – ජනපති ගොවීන්ට කියයි

0
391

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) ගොවීන් පිරිසක් හමුවී තිබුණි.

ඒ ජනාධිපතිවරයා මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේදීය.

ගොවීන් හමුවූ ජනාධිපතිවරයා කාබනික පොහොර වැඩසටහන ගැන පැහැදිලි කළේය.

“මම නිකන් පොහොර දුන්නා. ඊට පස්සේ වී වලට සහතික මිල වැඩි කරලා දුන්නා. කාබනික කියන්නේ මේ කොළ එකතු කරලා දාන එකක් නෙමෙයි. දැන් ඒකෙ විශාල තාක්ෂණයක් තියෙනවා.”

“මමත් පිළිගන්නවා ඒක ගොවීන්ට ඇවිල්ලා තේරුම් කරලා දුන්නේ නෑ. මේකෙදි මුලදි අස්වැන්න අඩුවෙනවා කියලා මම හිතන්නේ නෑ. පොහොර හරියට දැම්මා නම් ඒ අස්වැන්නම අපිට ගන්න පුළුවන්.”

“ඒක වස විසෙන් තොරයි. මේක තමයි මට කරන්න ඕනේ. අවාසනාවකට මේක හරියට තේරුම් කරලා දුන්නේ නෑ.”

“මම දැන් යල කන්නයේදී හමුදාව පාවිච්චි කරනවා ඒකට. හැම එකටම ඇවිත් තේරුම් කරලා දෙන්න ඉන්නේ හමුදාව තමයි. ජනතාවට තේරුම් කරලා..මෙන්න පොහොර, මෙහෙමයි පාවිච්චි කරන්නේ කියලා කියන්න.”

“සමහර වගාවන් ඇති, ඒවට යූරියා වගේ.. ගොවියෝ පුරුදුවෙච්ච පොහොර ගෙනත් දෙන්න අපිට පුළුවන්. හැබැයි ඔයගොල්ලො මං ගැන විශ්වාසය තියන්න ඕනේ.” යැයි ජනාධිපතිවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here