චීනයට එරෙහිව ලොව පුරා නගර රැසක විරෝධතා

0
363

චීනය උයිගුර් ජන සංහාරයක නිරත වන බවට චෝදනා කරමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, තුර්කිය මෙන්ම තවත් යුරෝපා රටවල් ගණනාවක නගර රැසක දී විරෝධතා ව්‍යාපාර පවත්වා තිබේ.

නැගෙනහිර තුර්කිස්තාන් ජන අයිතීන් සුරැකීමේ සංවිධාන විසින් මෙහෙයවූ මෙම විරෝධතාවලට එක්ව සිටි පිරිස සදහන් කළේ චීනය විසින් සිදුකරන උයිගුර් ජනසංහාරය වැළැක්වීමට ‍අන්තර්ජාතික ප්‍රජාව නිසි මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි.

1949 දෙසැම්බර් 22 වනදා, එනම් මීට වසර හැත්තෑ දෙකකට ‍පමණ පෙර නැගෙනහිර තුර්කිස්තාන් ජනරජයේ පාලනය බිද දැමූ චීනය එය තම රටට ඈදා ගන්නා ලදී.

එතැන් සිට මේ දක්වා චීනය විසින් නැගෙනහිර තුර්කිස්තානයේ වෙසෙන උයිගුර්, කසාක්, ටර්කික් සහ කිර්ගීස් යන සුළු ජනවර්ගවලට එරෙහිව දැවැන්ත මර්දනයක් දියත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here