Thursday, November 28, 2024

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව ආරක්‍ෂිත තැන්පතුවක් ලෙස පවත්වාගෙන ගිය එහි රත්රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බව හෙළිදරව් වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව මෙසේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ රත්‍රන් වල වටිනාකම ද අන්තර්ගත වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනී යන්නේ එම රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් ඇති බවයි

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ අනුව අඩු වී ඇත.

මහ බැංකුව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයකින් තොරව තම රත්රන් සංචිත විකුණා ඇති බව මෙම දත්ත මගින් තහවුරු වෙයි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා ප්‍රකාශ කළේ මහ බැංකුවට ඩොලර් ලැබෙන මාර්ග හෙළි කළ නොහැකි බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී තිබේ.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇත.

කෙසේ වෙතත් මහ බැංකුව සතුව තිබූ රන් සංචිත වලින් අඩකට වැඩි ප්‍රමාණයක් මේවනවිට විකුණා දමා ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිව්විඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 382ක් වටිනා රන් සංචිත වලින් දැන් ඉතිරිව ඇත්තේ 175.4ක් වටිනා රන් සංචිතයක් පමණක් බවයි.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ණය වාරික ගෙවීම සිදු කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ චීනයෙන් ලැබුනු යුවාන් මිලියන දහයක මුදල භාවිතයෙන් අදාළ ණය වාරික ගෙවීම ට ඇති හැකියාව සැක සහිත බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles