අඛණ්ඩව සත් වෙනි දිනටත් කොටස් වෙළෙඳපොළ ඉහළට.. 2022 මුල් සතියේ දී 8.63% ක වර්ධනයක්

0
304

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (07) දිනයේ දී ඒකක 111.54 ක ඉහළ යාමක් වාර්තා කළේය..
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 13,280.94 ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබෙන ඉහළම සියලු කොටස් සිල දර්ශක වටිනාකම වේ..
එසේම අඛණ්ඩ ව සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ සත් වැනි දිනය අදයි..
මේ සමඟම 2022 වසරේ මුල් සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළේ 8.63% ක වර්ධනයක් සිදුව තිබේ..
S&P SL20 දර්ශකය ද ඒකක 53.55 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එය ඒකක 4,568.64 ක් ලෙසින් වාර්තා විය..
රු. බිලියන 11.64 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු අද දින සිදු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here