Wednesday, November 27, 2024

සුසිල්ට පැය 24 න් ස්විප් එකක් ඇදුනා වගේ අපිත් රට වටේ ගිහින් ඉවර වෙනකොට අපෙත් ස්විප් එක ඇදෙන්න බැරි නෑ

දෙල්කඳ පොලේ ගිය පසු සුසිල් ප්‍රේමජයන්ත මහතාට ලොතරැයියක් ඇදුන බවත් ඒ ආකාරයෙන් ම තමන් රට වටේ ගොස් අවසන් වන විට තමන්ට ද ලොතරැයියක් ඇදීමට බැරි කමක් නැතැයි ද හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

අද ආණ්ඩුව කරන අය එදා තමන්ගේ ආණ්ඩුවට පහර දුන් ආකාරය මතක තිබෙන බවද හෙතෙම පැවසීය.

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සත්‍යය පෙන්වාදෙන විට තමන්ට දොස් පවරන බව හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට ඊයේ (07) එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“සුසිල් ප්‍රේම්ජයන්ත් ඇමතිතුමා පොළේ ගිහින් ස්විප් එකක් අරන් පැය 24 න් ස්විප් එක ඇදුනා එයාට. අපිත් රට වටේ ගිහින් ඉවර වෙනකොට අපෙත් ස්විප් එක ඇදෙන්න බැරි නෑ. කොහොම වුණත් මේ ඔක්කෝටම අපි ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණිගේ ආර්ථික වැඩපිළිවෙලට සමහරු අදත් දොස් කියනවා. දැන් මේ කාලේ තියෙන ප්‍රශ්න බලාගෙන කියනවා හරියට, බණ්ඩාරනායක මැතිණියගේ කාලේ වාගේ තමා දැන් කියලා. බණ්ඩාරනායක මැතිණිය ගොවීන්ගෙන් කුණුහරුව ඇහුවේ නෑ. ගෙදර ළිප පත්තු කරන්න ගිහිල්ලා කාන්තාවන්ගෙන් කුණුහරුප ඇහුවෙත් නෑ බණ්ඩාරනායක මැතිණිය. ඊයේ පෙරේදා මගේ කතාවල් අහලා සෝෂල් මීඩියාවල සමහර අය අහලා තියෙනවා, “ඇයි තමුසෙත් ආණ්ඩුවක් කෙරුවා නේද කියලා” නමුත් 48 ඉඳලා මේ ආපු ආණ්ඩු අතරේ වෙනස්ම ආණ්ඩුව මගේ ආණ්ඩුව. ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක එකතුවක්. මගේ කාලය තුළ, මට ආපු විවේචන, නින්දා, අපහස තමුන්නාසේලා දන්නවා. දැන් මේ පහුගිය දින දෙක තුනේ අපි රැස්වීම් තියලා, රටේ තත්ත්වය පැහැදිලි කරනකොට අපේ හාමුදුරුවනේ, අපි ඇත්ත කතා කරනකොට, ආණ්ඩුවට හිතවත් සමහර අය, අහනවා ඇයි මේ තරම් ආණ්ඩුවට ගහන්නේ කියලා, ඔය ගැහිල්ලට වඩා වෙනස් ගැහිල්ලක් මට ගැහුවේ. අද ආණ්ඩුව කරන අය මගේ ආණ්ඩුවට ගැහුව ගැහිලි කොහොමද කියලා තමුන්නාන්සේලාට මතක ඇති. එදා පිරිසිදු ආණ්ඩු හදන්න කතා කරපු අය අද කොහොමද වර්තමානයේ කටයුතු කරන්නේ, අපිට නින්දා අපහාස කරපු අය අද ජනතාවගේ මොනතරම් නින්දාවට අපහාසයට, විවේදනයට ලක්වෙලාද කියලා ඔයාලා දන්නවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles