ඔමික්‍රෝන් දරුණු ප්‍රභේදයක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් සිය සංවිධානය වරදක් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලොව නන්දෙසින් ඔමික්‍රොන් මරණ වාර්තා වීමත් සමඟ ඔවුන් මේ බව පවසා තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් නිවේදනයක් නිකුත් කරමින් මේ අදහස් පළකර සිටියා.
පෙර පැවති ප්‍රභේද මෙන් ඔමික්‍රෝන් නිසාත් රෝහල්ගතවීම් සහ මරණ වාර්තා වන බවත් ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වන ලෙසත් ඔහු පැවසුවා.
ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරණ බවද ඔහු සඳහන් කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් එහි දී සඳහන් කර තිබුණේ,
“පෙර පැවති ප්‍රභේද මෙන් ඔමික්‍රෝන් නිසාත් රෝහල්ගතවීම් සහ මරණ වාර්තා වනවා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න.
එය ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කරාවි..”
මේ අතර කොවිඩ් එන්නතක්කරණය සමග මෙරට මාතෘ මරණ වාර්තාවීම ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති
විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසීය.
කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසුව පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වාර්තාවී තිබේ.
මෙි අතර ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.
එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් විසින් සිදුකළ මෙම පැහැදිලි කිරීමේ දී ඒ සඳහා ඉවහල්වන ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේ ඔමික්‍රොන් ප්‍රභේදය මිනිස් සිරුරේ සෛලවලට පහසුවෙන් සම්බන්ධ වීමයි.
එන්නත්කරණයෙන් හෝ රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය මගහැරීමට පවතින හැකියාව ඔමික්‍රොන් ප්‍රභේදය සතුවන බවයි ඇය වැඩි දුරටත් සඳහන් කළේ.
ස්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිගුණනය වීම ද ඒ සඳහා දක්වා ඇති තවත් හේතුවක්.
මීට අමතරව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම මෙන්ම ඇතැම් රටවලට බලපා ඇති ශීත ඍතුව හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගොඩනැගිලි තුළ රැඳී සිටීම වැනි කරුණු මෙම භයානක ඔමික්‍රොන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරීමට හේතු වී ඇති අනෙකුත් සාධක ලෙස ඇය හඳුන්වා දුන්නා.