Thursday, November 28, 2024

අපි තමයි ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ. අපේ හදවතේ මැරෙනකම් ශ්‍රී ලංකාකාරයෝ. ඔය දැන් ඉන්න උන් ශ්‍රී ලංකාකාරයෝ ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩරනායක මහතාගේ 123 වැනි ජන්ම ඊයේට යෙදී තිබුණි.

එම ජන්ම දිනය වෙනුවෙන් හිටපු ජනාධිපතිනි, චන්ද්‍රකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනවෙනම සැමරුම් උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.

ඒ නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උත්සව දෙක අද පැවැත්වුණේ කොළඹ ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදීය.

එක් උත්සවයක් බණ්ඩාරනායක මහතාගේ දියණිය වන හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සංවිධාන කර තිබූ අතර ඇය විසින් බණ්ඩරනායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ සිදු කරනු ලැබීය.

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

“බණ්ඩාරනායක දර්ශනය ඉවර කරලා අද තියෙන පක්ෂයේ නායකයෝ මේකවත් සමරන්නේ නෑ. ඒක නිසා අපි සැමරුවා.”

එම පුෂ්පෝපහාර දැක්වීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, චන්දිම වීරක්කොඩි, කුමාර වෙල්ගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග සහ අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්විය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා,

“අපි තමයි ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ. අපේ හදවතේ මැරෙනකම් ශ්‍රී ලංකාකාරයෝ. ඔය දැන් ඉන්න උන් ශ්‍රී ලංකාකාරයෝ ද? නෑ නේ. “

එම උත්සවය අවසන් කිරීමෙන් පසුව උත්සව සැරසිලි ගලවා ඉවත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සංවිධායකින් කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංවිධායකයින් එම උත්සව භූමිය නැවත සැරසීමට පියවර ගෙන තිබුණි.

අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ බණ්ඩාරනායක සැමරුම් උත්සවය පැවැත්වුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් විශිෂ්ට දේශපාලන පක්ෂයක්. ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණයත් එක්ක අපි බොහොම ජවයක් වේගයක් එක්ක පක්ෂය සංවිධානය කරගෙන යන වෙලාවක්. පැහැදිලිවම අපි රට සහ ජනතාව වෙනුවෙන් අලුත් ගමනක් යනවා. මම කවදත් සැරට තමයි කතා කළේ. නැත්තම් ජනාධිපති වෙන්න පුළුවන් ද? මම කවදාවත් කලකිරෙන මිනිහෙක් නෙමෙයි. මම තමයි මේ රටේ සතුටින්ම ඉන්න කෙනා දේශපාලනයේ. ගමේ කොල්ලෙක් වෙලා ඇවිත් ජනාධිපති වෙච්ච කෙනෙක් නේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles