Thursday, November 28, 2024

ගාමිණී අම්බලන්ගොඩත් දිවි වේදිකාවෙන් සමුගනී

ප්‍රවීණ ටෙලිනාට්‍ය හා වෙිදිකා රංගන ශිල්පී රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ ඊයේ දින අභාවප්‍රාප්ත විය

මිය යනවිට ඔහු 66 වැනි වියේ පසු වූ අතර රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර කිහිපයක් එක්තැන් වී සිටියා. ගාමිණී අම්බලන්ගොඩ මහතා වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ එක ලෙසම දස්කම් දැක්වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්.

වේදිකාව , සිනමාව, ටෙලිනාට්‍ය , වටර් හෝල් රංග ශිල්පී යන සියලුම පැතිකඩ ආවරණය කල දක්ෂයකු වූ මෙතුමා කන්න දෙනවනම් අපට බොන්න දෙනවනම්) ගීතයෙන් කා අතරත් බොහෝ ජනප්‍රිය වුණා.

ඔහු, අම්බලන්ගොඩ, ටුක්කාවඩු හරිශ්චන්ද්‍ර ගුරුතුමාගෙන් ‘කෝලම්’ නාට්‍යය සම්ප්‍රදාය ද, ඉන්පසුව, ‘ජාතික තරුණ සේවා සභාවට’ බැඳී, බෙල්වුඩ් කලායතනයෙන් නර්තන ශිල්පය හැදෑරීය..එහි ප්‍රතිඵලයක් ලෙසට, ලෝකයේ රටවල් රැසක, ‘නර්තන ප්‍රසංග’ සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව උදාවිය.

‘සිඟාල ගෝස්තරේ’ වේදිකා නාට්‍යයේ රඟපාමින් කලාවට එක් වූ ඔහු, අනතුරුව ස්වර්ණපාලි, රජගහේ නාඩගම, රාජ කපුරු, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී ඇති අතර, ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකට ද ඔහු රංගනයෙන් දායකවී ඇත.

ක්‍රිස්ටි ෂෙල්ටන් මහතාගේ “සිටුමැදුර” ටෙලිනාට්‍යය ටද රංගනයෙන් දායක වී ඇත

මෙතුමා ගේ මහ ගෙදර අම්බලන්ගොඩ පොල්වත්තේය.

අවසන් කටයුතු හෙට අඟහරුවාදා සවස මාතලේ පොදු සුසාන භූමියේ’දී සිදු කිරීමට නියමිත ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles