කොළඹ සහ අවට ජලසැපයුම අත්හිටුවා ඇති ප‍්‍රදේශවල ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සවස 3 පමණ වනු ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට දෙහිවල ජල සම්පාදන මධ්‍යස්ථානය දක්වා යන ප‍්‍රධාන නල මාර්ගය තලංගම ඩිපෝව අසලදී පිපිරීමකට ලක්වීම හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශ ගණනාවක ජලසැපයුම අත්හිටවනු ලැබුවා. පිපිරීමට ලක්ව ඇති ජල නළය පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.
මෙම ජල නළය පිපිරිමට ලක්වීම හේතුවෙන් දෙහිවල ගල්කිස්ස නගර සභා සීමාව, වැල්ලවත්ත, කිරුළපන, පාමංකඩ, හැව්ලොක්, බම්බලපිටිය සහ කොල්ලූපිටිය ප‍්‍රදේශවල ජල සැපයුම ඊයේ පස්වරුවේ සිට විසන්ධි කෙරුණා. ඊට අමතරව පැලවත්ත, ජයන්තිපුර, මුල්ලේරියාව, අඹතලේ සහ කොහිලවත්ත යන ප‍්‍රදේශවලද ජල සැපයුම විසන්ධි වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
ජල නළ යථා තත්ත්වයට පත් කිරීමට පැය 12 ක කාලයක් යනු ඇතැයි අපේක්‍ෂා කෙරුණද ඒ සදහා තවත් පැය 8 ක කාලයක් ගතවනු ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.