Friday, November 15, 2024

ලංවිම මනු කියවන්නන්ට සුභ ආරංචියක් – ඡන්ද පොරොන්දුවක් ඉටුවෙයි

කොන්ත්‍රාත් පදනම මත ලංකා විදුලිබල මණ්ඩලයේ ‍සේවය කළ මනු කියවන්නන් ස්ථීර සේවයට එක් කරගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ සැප්තැම්බර් මස 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සේවකයන් ස්ථීර සේවයට එක් කරගන්නා බවයි.

ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය කළ මනු කියවන්නන් 4000ක් ස්ථීර සේවයට එක්කර ගැනීමට නියමිත බව සඳහන්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරණයට පෙර ලබාදුන් පොරොන්දුවක් අනුව මෙම සේවකයන් ස්ථිර කිරීම සිදුකරන බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles