හිටපු පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
ඔහු කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කිත්සිරි කහටපිටිය මහතා කලක් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායකයා ලෙසද කටයුතු කළේය.
කිත්සිරි කහටපිටිය මියයනවිට 60 හැවිරිදි වියේ පසු වූ අතර, ඔහු සමගි ජන බලවේගයේ බුලත්සිංහල ආසන සංවිධායකවරයා ද වනවා.