කොවිඩ් රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර…

0
817

ශ්‍රී ලංකා ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය ලොව පැරණිතම වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයක් වන අතර එය ශ්‍රී ලංකාව තුළ පසුගිය සියවසකට ආසන්න කාලය තුළ ප්‍රජා සත්කාර රැසක් සිදුකර ඇත.

කොවිඩ් රෝගය වැළඳුනු සහ එයින් සුවය ලැබූ පසුවත් යම් යම් සංකූලතා සහ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් සඳහා එම සංගමය ඩිජිටල් වෛද්‍ය කඳවුරක් ස්ථාපිත කර ඇත. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් එහි දැනුම්වත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවේ.

විශේෂඥ වෛද්‍ය වෘත්තිකයින් 500කගේ දායකත්වය ඇතිව සම්පූර්ණයෙන්ම නොමිලයේ පවත්වන මෙම සායනය සඳහා ඔබටත් සම්බන්ධ විය හැකිය. ඒ සඳහා කළ යුත්තේ පහත සබැඳියෙන් ලියාපදිංචි වීම පමණි.
https://247econsult.net/doctalk/#/

සියලු දත්ත ලබාගැනීමෙන් පසු ඔබට නොමිලයේ ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු ඇත.

තොරතුරු සඳහා එම සංගමයේ ෆේස්බුක් පිටුවට යොමුවන්න
https://www.facebook.com/IMPAHEALTHCAMP

දර්ශන අනුග්‍රහය – Saman4You නාලිකාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here