උත්සව සමයට කුකුල් මස් සහ බිත්තරවලට වෙන දේ

0
336

ලබන අප්‍රේල් මාසය වන විට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවට සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමය අවධාරණය කරනවා.

බඩඉරිගු වැනි සත්ව ආහාර අමුද්‍රව්‍ය හිගයක් පැවතීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ.

එම නිසා හිගයක්ව පවතින සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මේ වන විට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ශීත කළ කුකුල් මස් කිලෝව රුපියල් 670 – 690 අතර පාළන මිලක පවත්වාගෙන යනබවත් බිත්තර රුපියල් 25ක මිලට ඇති බවත් පාරිභෝගිකයා ඒ මිල සමග ගැටලුවකින් තොරව භාණ්ඩ ලබා ගන්නා බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here