Monday, February 24, 2025

රටෙි ආර්ථික තත්ත්වය හොඳ නැති නිසා රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට දෙන්න බෑ – සමාගම් හිමියන් කම්කරු ඇමතිට කියයි

රටේ ආර්ථික තත්වය යහපත් වනතුරු රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීමට අපහසු බව පෞද්ගලික අංශයේ හාම්පුතුන් පවසති.

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් ඊයේ දින (10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.

එම සාකච්ඡාව කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද කම්කරු දෙපාර්තමේන්තුවේ පැවතුනි.

මෙම සාකච්ඡාවේ දි අදහස් දැක්වූ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ පසුගිය සමයේදී මේ රටේ කර්මාන්ත හා සේවා අංශය බිඳ නොවැටී පවත්වාගෙන යාමට තමන්ට විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදු වූ බව ය.

එසේම අපනයන කටයුතු වල පැන නැගී ඇති විවිධ අපහසුතා නිසා මේ වන විට අපනයනයන් හි ආදායම ද පහත වැටී ඇති බවය.

රේගු ගාස්තු වැඩිවීම,බහාලුම් පැමිණීමේ අඩුවීම්,නිෂ්පාදන වියදම් වැඩිවීම,අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන මුදල් වැඩි වීම,රජය ලබාදුන් ණය සහන සීමාව මාර්තු මාසයේදී අවසන් වීම,බැංකුවල කරන අධික පොලි ගැටලුව වැනි කාරණා නිසා මේ වන විට මෙරට කර්මාන්ත හා සේවා අංශය බරපතළ ආර්ථික අර්බුදයක හිර වී ඇති බව මෙහි දී අදහස් දැක්වූ සේවය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා මහතා පෙන්වා දුන්නේය.

එබැවින් රටේ තත්වය යහපත් වන තුරු රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට දිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

සාකච්ඡාවේ දි අදහස් දැක්වූ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයින් පවසා ඇත්තේ පසුගිය සමයේදී මේ රටේ කර්මාන්ත හා සේවා අංශය බිඳ නොවැටී පවත්වාගෙන යාමට තමන්ට විශාල වශයෙන් අතිරේක මුදලක් වැය කිරීමට සිදු වූ බවයි. එසේම අපනයන කටයුතු වල පැන නැගී ඇති විවිධ අපහසුතා නිසා මේ වන විට අපනයනයන් හි ආදායම ද පහත වැටී ඇති බව ඔවුන් පවසා තිබෙනවා. රේගු ගාස්තු වැඩිවීම, බහාලුම් පැමිණීමේ අඩුවීම්, නිෂ්පාදන වියදම් වැඩිවීම, අමුද්‍රව්‍ය ගෙන්වීමේ දී බලපාන ප්‍රශ්න හා ඒ සඳහා වැය වන වියදම වැඩි වීම, රජය ලබාදුන් ණය සහන සීමාව මාර්තු මාසයේදී අවසන් වීම, බැංකු අයකරන අධික පොලි ගැටලුව වැනි කාරණා නිසා මේ වන විට මෙරට කර්මාන්ත හා සේවා අංශය බරපතළ ආර්ථික අර්බුදයක හිර වී ඇති බව මෙහි දී හාම්පුතුන්ගේ සම්මේලනය අධ්‍යක්ෂ ජනරාල් මංගල යාපා පවසා තිබුණා.

අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පවතින ආර්ථික අපහසුතා තත්ත්වය මත පෞද්ගලික අංශයේ සේවකයන්ට කිසියම් ආකාරයක දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙසයි. පවතින තත්වය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් හාම්පුතුන් මෙන්ම සේවකයා ද ආරක්ෂා කරගත යුතු යන්න ඇමැතිවරයා පවසා තිබෙනවා. මෙහි දි ඉදිරිපත් වූ කරුණු පොදු ලියවිල්ලක් මගින් තමාට ලබා දෙන ලෙසත් එය අමාත්‍ය මණ්ඩල සංදේශය ලෙස කඩිනමින් ඉදිරිපත් කරන බවත් ඔහු කියා තිබුණා.

මෙම සාකච්ඡාවට නිදහස් වෙළඳ කලාප,කුඩා කර්මාන්ත ,සංචාරක හෝටල් ,ආරක්ෂක සේවා ,සුළු හා මධ්‍ය පරිමාණ අංශය,දේශීය නිෂ්පාදන අංශය,ඉදිකිරීම් අංශය ඇතුළු මෙරට සේවා හා නිෂ්පාදන අංශයන් හි සේවායෝජක නියෝජිතයෝ සහභාගි වූහ.

එබැවින් රටේ තත්වය යහපත් වන තුරු රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට දිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles