බස් දෙකක් අතර ගැටුමක් – 06 ක් අත්අඩංගුවට

0
418

හලාවත – කොළඹ මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත රෝහල අසළදී මෙම ගැටුම හටගෙන ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පැවසුවේය.

දුරගමන් සේවා බස් රථයකට හලාවත බස් නැවතුම්පොළ ආසන්නයේදී මගීන් නංවාගැනීමේ සිද්ධික් මුල් කරගනිමින් ගැටුම හටගෙන ඇති බව සඳහන්ය.

ගැටුමට අදාළ බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා සහ රිය සහයකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් අය අතර වන බව හලාවත පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් 06 දෙනා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here