Friday, October 18, 2024

‘බ්ලැක් ලිස්ට්’ කළ මහජන බැංකුව ඉන් ඉවත් කිරීමට චීනය පියවර ගනී

ප්‍රශ්නගත කාබනික පොහොර නැවට අදාල මුදල් ගෙවීම ප‍්‍රතික්ෂේප කිරීමේ සම්බන්ධ නිසා මෙරට චීන තානාපති කාර්යාලයේ වෙළෙඳ හා ආර්ථික කාර්යාලය විසින් අසාදු ලේඛණ ගතකර තිබූ මහජන බැංකුව එම අසාදුගත කිරීමෙන් ඉවත් කළ බව සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කළා.

ඒ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන්.

මතභේදයකට ලක්වූ චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ මහජන බැංකුව හරහාය.

නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ, එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටය.

පසුව ශ්‍රී ලංකාව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමත් සමඟ චීන තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කරා.

දෙපාර්ශ්වයක් අතර පැවති ගිවිසුම් කඩ කරමින් ණයවර ලිපියකට අදාළව ගෙවීම් සිදු නොකිරීම නිසා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව 2021 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දින ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කළා.

නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, තානාපති කාර්යාලයේ ආර්ථික සහ වෙළෙඳ කාර්යාලය විසින් අදාළ පියවර ගනු ලැබූ බවයි.

මෙම තීරණය අනුව ශ්‍රී ලංකාව සමග සිදු කරන ජාත්‍යන්තර ගනුදෙනුවලදී මහජන බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත්, අවදානම පාලනය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසත්, සියලුම චීන ව්‍යවසායන්ට දැනුම් දීමට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles