සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබෙනවා.
ඒ අනුව නාඩු සහල් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙලෙස ආනයනය කිරීමටයි ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත්තේ.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
සහල් හිගයක් ඇති වුවහොත් වෙළඳපොලට සහල් නිකුත් කිරීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස තවත් සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනු ඇත.