චම්පික රෝහල්ගත කරයි. සෞඛ්‍ය තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

0
334

ඊයේ (ජනවාරි 10) වන දින රාත්‍රියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාකර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබෙනවා.

ඒ 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීම හා සාක්ෂි වසන් කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුව අද කැඳවු අවස්ථාවේදීයි.

පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

එහෙත් අද දිනයේදී විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ පෙනී සිට නොමැති අතර ඔහු පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවන බවටයි අධිකරණයට දැනුම් දී තිබුණේ.

එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here