Saturday, October 19, 2024

වෛද්‍ය ඉතිහාසය වෙනස් කරමින් ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ

ලොව ප්‍රථම වරට ජානමය වෙනසකට ලක් කළ ඌරෙකුගේ හදවතක් බද්ධ කල පළමු මිනිසා බවට ඇමරිකානු ජාතිකයෙකු පත්වී තිබෙනවා.

57 හැවිරිදි ඩේවිඩ් බෙනට් නම් ඇමරිකානුවෙකුට මෙම හදවත් බද්ධය සිදුකර ඇත.

පැය 07 කට ආසන්න කාලයක් සිදුකල ශෛල්‍යකර්මයකින් දින 3 කට පසු ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කල අතර එය සැළකුණේ මේ දක්වා සිදුකල වඩාත් සංකිර්ණම සැත්කම ලෙසයි.

අවසන් බලාපොරොත්තුව වී ඇත්තේ මෙලෙස ඌරෙකුගේ හදවතක් මොහුට බද්ධ කර ඇත්තේ එලෙස හදවත් බද්ධ කිරීමක් සිදු නොකළහොත් හෝ හදවත් බද්ධ කිරීම අසාර්ථක වූවා නමි මොහු මියයාමට ඉඩ තිබීම හේතුවෙන් බව වෛද්‍යවරු පවසති.

කෙසේ නමුත්, දීර්ඝ කාලීනව ඔහුගේ පැවැත්ම සම්බන්ධයෙන් දැන් තීරණය කළ නොහැකි බවයි වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ඌරෙකුගේ හදවතක් මොහුට බද්ධ කර ඇත්තේ එලෙස හදවත් බද්ධ කිරීමක් සිදු නොකළහොත් මොහු මියයාමට ඉඩ තිබීම හේතුවෙන්.

ඒ නිසාම ඌරු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ඇමෙරිකානු වෛද්‍ය නියාමනයේ විශේෂ අනුමැතියක් හිමිව තිබෙනවා.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු පවසන්නේ ජානමය වශයෙන් වෙනස් කරන ලද සතෙකුගේ හදවතක් ක්ෂණිකව ප්‍රතික්ෂේප කිරීමකින් තොරව මිනිස් සිරුර තුළ ක්‍රියා කළ හැකි බව බද්ධ කිරීමෙන් පෙන්නුම් කළ බවයි.

ශල්‍ය වෛද්‍ය බාර්ට්ලි ග්‍රිෆිත් පැවසුවේ මෙම සැත්කම මගින් ලෝකය හමුවේ මිනිස් ඉන්ද්‍රිය හිඟය සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට එක් පියවරක් සමීප කරනු ඇති බවයි. මිනිස් අවයව බද්ධ කිරීමට අමෙරිකාවේ දෛනිකව පුද්ගලයින් 17 දෙනෙකු බද්ධ කිරීමක් බලාපොරොත්තුවෙන් මිය යන අතර 100,000 කට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles