නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කරයි

0
400


2021 වර්ෂයේ දී නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව තමිල් මක්කල් කුට්ටනි, නව ලංකා නිදහස් පක්ෂය, දමිළ ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂ තුනයි මෙලෙස ලියාපදිංචි කර ඇත්තේ.

උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් තමිල් මක්කල් කූට්ටනී පක්ෂය ස්ථාපිත කර ඇති අතර නවලංකා නිදහස් පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශිලි සන්ධානය ස්ථාපිත කර තිබේ.

මේ අතර 2022 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here