කම්කරු විනිශ්චය සභා කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල දැඩි විරෝධය..

0
481

කම්කරු විනිශ්චය සභාවල කටයුතු සම්බන්ධයෙන් වෘත්තීය සමිති, දැඩි විරෝධයක් පල කරන බව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඊට අදාළ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර, එහිදී වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් කම්කරු විනිශ්චය සභා වෙත යොමුවන ජනතාවට තමන් කැමැති නියෝජිතයෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කම්කරු හා වෘත්තිය සබඳතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරන බවයි.

කම්කරු විනිශ්චය සභා සඳහා නව රෙගුලාසි ගෙන ඒමටද එහිදී තීරණය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here