පාස්කු ප්‍රහාරයට දින 1000 පාස්කු නඩුවත් මාර්තු 3ට කල්යයි

0
286

පාස්කු ප‍්‍රහාරය සිදු වී දින දහසක් සම්පූර්ණ වන එළැඹෙන සිකුරාදා විශේෂ දේව මෙහෙයක් පවත්වන බව කොළඹ අගරදගුරු මණ්ඩලය නිවේදනය කරනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක ජූඞ් කි‍්‍රශාන්ත පියතුමා කියා සිටියේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ විමර්ෂන නිසි පරිදි සිදුවන බව රජය පාර්ශ්වයෙන් ප‍්‍රකාශ වුවද තවමත් යුක්තිය ඉටු වී නොමැති බවයි.

මෙම විශේෂ දේව මෙහෙය ජනවාරි 14 වැනිදා සිකුරාදා පෙරවරු 10ට අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙි අතර පාස්කු ඉරුදින කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව මාර්තු මස 03 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here