රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි.
ඔහු කියා සිටියේ සාර්ථක එන්නත්කරණය තුලින් ජනතාවගේ ජීවිතය සුරක්ෂිත කිරීමට හැකියාව ලැබී ඇති අතර එය ඉහළ ජයග්‍රහණයක් බවයි.
හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව ඖෂධ කර්මාන්ත ශාලා තුනක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන මෙරට කොවිඩ් පාලනයට මනා සහයෝගයක් ලබාදුන් බවයි.
මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ එන්නත්කරණ වැඩ සටහන යටතේ මාත්‍රා දෙකම සියයට අසූ පහක පිරිසක් මේ වනවිට ලබාගෙන ඇති බවයි
ඔහු කියා සිටියේ සති අන්තයේ එළඹෙන නිවාඩු දින 4 තුළදීද සියළු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ආශ්‍රිතව එන්නත්කරණ කටුයුතු සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි