කොහුවල ඉදිකිරීමට නියමිත නව ගුවන්පාලම සදහා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඊයේ දිනයේ දී මුල්ගල් තබා ඇති බවත්, දෙහිවල ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වන තමන්ට ඒ බව ආරාධනා කිරීම දැනුම් දී නැති බවත් දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
තමන් ගුවන් පාලමට මුල් ගල තබන අවස්ථාවෙි එතැන සිටි පොලිස් නිලධාරියෙකුට දුරකථනයෙන් අමතා මෙම සිදුවීම දැනගත් බව ධනසිරි අමරතුංග මහතා පවසයි.
මෙම ආණ්ඩුව බිහිකිරීම සඳහා කෝටි ගණන් වියදම් කළ බවත් සදහන් කරන අමරතුංග මහතා පවසන්නේ තමන් හිඟාකා අමාරුවෙන් ඡන්ද එක්රැස්කර බිහිකල ආණ්ඩුවට තමන්ව අමතක වීම කණගාටුවට කරුණක් බවයි.
මහින්ද රාජපක්ෂ මහතාට පණ මෙන් ආදරය කරන බවද අවසාන වශයෙන් ඔහු සිය සටහනේ අවසානයට සඳහන් කර ඇත.