Friday, November 15, 2024

ලිට්‍රෝ සභාපති ඉවත් කිරීමේ තීරණය හකුලා ගනී ?

තෙෂාර ජයසිංහ මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිධූරයෙන් ඉවත් කිරීමේ තීරණය යලි හකුලා ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද උදෑසන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි තෙෂාර ජයසිංහ මහතා ලිට්රෝ සභාපතිධූරයෙන් ඉවත් කර එම තනතුර සඳහා රේණුක පෙරේරා මහතා පත් කරන බවට නිවේදනයක් නිකුත් කළේය.

කෙසේ නමුත් දැනට ලැබී ඇති ආරංචිමාර්ග අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද (13) දහවල් වනවිට කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තයේ හදිසි නිරීක්ෂණයකට එක්වී ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි සභාපතිවරයා සමඟ ඔහුගේ කාර්යාලයේ සුහද සාකච්ජාවක් පවත්වමින් සිටින බව වාර්තා වුණා. තෙෂාර ජයසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුට සහය පිණිස කාර්යය භාරයක් සිදුකළ අයකු ලෙසයි කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ වහාම ඔහුව තරුණ සේවා සභාවේ සභාපති ලෙසද පත්කරනු ලැබුවා.

අනතුරුව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අනිල් කොස්වත්ත මහතා ඉවත්කර තෙසර ජයසිංහ මහතා සභාපති ලෙස පත්කළේ 2021 ජුලි 08 වෙනිදා ය. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝගයක් මතයි.

කෙසේ වෙතත් මේවන විට වාර්තා වන්නේ ලිට්‍රෝ සභාපතිවරයා වන තෙසර ජයසිංහ මහතා තව දුරටත් එම ධුරයේම තබා ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles