දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා නුවරඑළියට මාරු කරයි

0
809

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පොලිස් ස්ථානයේ සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහා ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

බීමත් රියදුරෙකු රථ වාහන අංශයේ නිලධාරීන් පරීක්ෂාවකට ලක් කිරීමේ දී අදාළ ස්ථානාධිපතිවරයා ඉන් පිටවී යාමට ඉඩ සළසා දීම ඊට හේතුවයි. 

පසුගිය වසරේ ජූලි මස 17 වන දින අදාළ සිද්ධිය සිදුවී ඇති අතර මාස 6 ක පමණ කාලයක් ඒ පිළිබඳ කිසිඳු පියවරක් ගෙන නොතිබූ බව සඳහන් වෙි. 

කෙසේ වෙතත් සිද්ධියට මුහුණ දුන් රථ වාහන අංශයෙහි පොලිස් කොස්තාපල්වරයාට පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුමෙන් දොඩන්ගොඩ අධිවේගී මාර්ගයට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

අදාළ කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයෙහි රූගත වූ බවට සැකකරන වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර ඇත්තේ ඉන් අනතුරුව බව සඳහන්. 

කෙසේ වෙතත් මේ වන විට ඉමදූව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු ස්ථානයේ ස්ථානාධිපතිවරයා නුවරඑළිය පොලීිසිය වෙත මාරුකර යවා ඇති අතර හිස් වූ පුරප්පාඩුව වෙනුවට තාවකාලික පොලිස් පරීක්ෂකවරයෙකු පත්කර තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here