Friday, September 20, 2024

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් මගී ජනතාව නොසන්සුන් වෙයි

දුම්රිය ස්ථානාධිපතිවරු හදිසියේ ආරම්භ කළ වර්ජනය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නොවීම නිසා කෝපයට පත් ජනතාව අද (13) පෙරවරුවේ මහනුවර දුම්රිය ස්ථානය තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි ජනේලයකට පහරදී අලාභහානි සිදුකර තිබේ.

බදුල්ල හා උඩරට ප්‍රදේශ බලා ධාවනය වූ දුම්රිය සියල්ල දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයත් සමඟ අත්හිටුවීම හේතුවෙන් මෙම ජනතාව කෝපයට පත්ව මෙම පහරදීම සිදුකර ඇත. පහරදීම සිදුවන අවස්ථාවේ 500 ක පමණ පිරිසක් දුම්රිය ස්ථානයට එක්රොක්ව සිට ඇති අතර ඔවුන් පාලනය කිරීමට මහනුවර පොලීසියේ නිලධාරීන් පිරිසක්ද මැදිහත්ව තිබේ.

ලංගම හා පෞද්ගලික බස් රථ මගින් මෙම පිරිසට ගමනාන්ත වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. දුම්රියෙන් උඩරට සිරි නැරඹීමේ අරමුණින් පැමිණි විදේශිකයින් විශාල පිරිසක්ද මෙහිදී අසීරුතාවට පත්ව සිටි අතර ශ්‍රී ලංකාව සුන්දර රටක් වුවද මේ ආකාරයෙන් ජනතාව අසීරුතාවට පත් කිරීම පිළිබඳව කනගාටුවට පත්වන බව ඔවුන් පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles