Tuesday, September 24, 2024

දරුවන් මානසිකව වට්ටන්න එපා – හෑගොඩ විපස්සි හිමියෝ කියති

මීගහතැන්න පාස‍ලේ ඇතිවූ සිදුවීම නිසා මේ වන විට අසරණව සිටින කුඩා දරුවන් කිහිපදෙනා දේශපාලන ඉත්තන් කරගෙන එම දරුවන් මානසිකව බිඳ වැට්ටවීම වහාම නතර කරවා දරුවන්ට සාධාණයක් ඉටු කිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතුයැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
එසේම අධ්‍යාපනයට දේශපාලන ඇඟිලි ගැසීම් කර අධ්‍යාපනය ගඳ ගැස්සවීම මේ සමගම වහා නතර කළ යුතු යැයිද උන් වහන්සේ අවධාරණය කරති.
මීගහතැන්න විද්‍යාලයට ඇතුළත් කළ දරුවන් කිහිපදෙනා පිළිනොගන්නා බව පළාත් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශකර තිබුණි. දේශපාලකයන් අතර තිබෙන ගැටුම් නිසා අසරණවෙන්නේ හයක් හතරක් නොදන්නා කුඩා දරුවන්ය. මීගහතැන්නේ දරුවන්ගේ ප්‍රශ්නය ප්‍රවේශමෙන් විසඳිය යුතුය. දැනට සිදුවෙන කිසිවක් ගැන ඒ දරුවන්ට අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ දරුවන් දේශපාලන ඉත්තන් කරගැනීම බලවත් වරදක්. මේ නිසා මෙවැනි සිදුවීම් යළිත් නොවෙන්නත් එම දරුවන්ට සාධාරණයක් ඉටු කිරීමටත් ජනාධිපතිතුමා ඉතා ඉක්මනින් මැදිහත්විය යුතුයැයි අවධාරණය කරනවා යැයිද විපස්සි හිමියෝ කියති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles