නැවතූ වැඩවර්ජනය යළිත්;- දුම්රිය ස්ථානාධිපතිවරු යළි වැඩ වර්ජනයේ

0
317

දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවතත් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ, එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවාවලින් ඉවත්වී ඇත.

එසේම මෙි මොහොතේ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම නතර කර තිබේ.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් සිට රාජකාරීවලින් ඉවත්වී තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ පැය 24 ක සංකේත වර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබුණා.

තෛපොංගල් උත්සවය අදට යෙදී ඇති මොහොතක, දීර්ඝ සති අන්ත නිවාඩුවක් ද එළැඹෙද්දී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවකට පත්වුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන් වාර 200 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර ඊයේ දිනයේදී ධාවනය කෙරුණේ ගමන්වාර 85 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here