දැඩි සිමෙන්ති හිඟයක් ! සිමෙන්ති කොට්ටයක් 2000යි. ඉදිකිරීම් අතරමග නවතයි.

0
309

අද වන විට රට පුරා දැඩි සිමෙන්ති හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සිමෙන්ති වැඩි මිලට මිලදී ගැනීමට සිදුවී ඇති බවත් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ නිරතවන්නෝ කියති.

කිලෝ 50ක බරින් යුතුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක මිලකට අලෙවි කරන බවට දැනුම් දී තිබුණ ද මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700 සිට 2000 දක්වා මිලට අලෙවි බව ඔවුන් පෙන්වා දෙති.

ඇතිවී තිබෙන සිමෙන්ති හිගය සහ අධික මිල හේතුව ඉදිකිරීම් රැසක් මේ වනවිටත් අතරමග නතර කර දමා තිබේ.

සිමෙන්ති සමාගම් සඳහන් කරන්නේ මෙම හිගයට ප්‍රධාන හේතු වන්නේ සිමෙන්ති ආනයනයට අවශ්‍ය ඩොලර් නොතිබීම බවත් බැංකුවලින් ණයවර ලිපි වන විවෘත කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත්ය.

මෙරට අවශ්‍යතාවයෙන් 60%ක් මෙරට තුළ නිෂ්පාදනය කරන අතර ඉතිරි 40% ආනයනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here