ඔමික්‍රෝන් නිසා ඇමරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීමට චීනය පියවර ගනී

0
322

ඔමික්‍රොන් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමග ඇමෙරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් සීමා කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔමික්‍රොන් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වැඩි වශයෙන් ඇමෙරිකාවෙන් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව, ඇමරිකාවේ සිට පැමිණෙන ගුවන් ගමන් වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් චීනය තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, සිය ගුවන් ගමන්වාර සීමා කිරීමට චීනය ගත් තීරණය ඇමෙරිකාව හෙලා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here