නව මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි..

0
410

නවමහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාවත් අද මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොහොත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. එම කමිටුව අද පීර්ලිමේන්තුවේදී රැස්වෙනු ඇත. පසුගිය සතියේ කෝප් කමිටුව රැස්‌වූ අතර, අද දිනයේදී මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට කමිටුව හමුවට ඉදිරිපත් වන ලෙස දැනුම්දී තිබිණි.

ඒ වනවිට මහ බැංකු අධිපතිව සිටියේ අර්ජුන මහේන්ද්‍රන් මහතාය වන නමුත්, මහබැංකු අධිපතිවරයාගේ නමින් නොව තනතුරේ නාමයෙන් මෙම කැඳවීම කළ බවයි සඳහන් වෙන්නේ. මේ අනුව, අද කෝප් කමිටුව හමුවේ නව අධිපතිවරයාට පෙනී සිටීමට සිදුවන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයෙක්‌ මාධ්‍යට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here