නෙදර්ලන්තයේ සිට මෙරටට ආ පාර්සලයක් තුල තිබී මිලියන 26 ක මත්පෙති සොයාගැනේ

0
278

නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවන ලද පාර්සලයක් ඇඳ ඇතිරිලි සහ සෙල්ලම් බඩු අඩංගු බව කියනු ලබන අතර ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂා කිරීමේදී එහි තිබූ Methamphetamine අඩංගු එක්ස්ටසි පෙති බව අනාවරණය විය.

මධ්‍යම තැපැල් හුවමාරුවට අනුයුක්ත ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් නෙදර්ලන්තයේ සිට පැමිණි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත යොමු කරන ලද පාර්සලයක් පරීක්ෂා කිරීමේදී මෙම සොයා ගැනීම සිදුකර ඇත.

පෙති පාර්සලයේ කාඩ්බෝඩ් බිත්ති තුළ රහසිගතව සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

ග්‍රෑම් 1600ක් බර පෙති 4000ක් සොයාගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් දළ වශයෙන් ලකුණු කර ඇති වටිනාකම රු. මිලියන 26 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here